මෙම වසර පුරාවටම රු.75ක ස්ථාවර මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට පොල් ලබාගැනීමට හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි. මෙරට පොල් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයා වෙත අවම මිලකට පොල් ලබා දීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ පොල් පර්යේෂණ ආයතනය විසින්, වෙළෙඳ අමාත්‍යාංශය සහ ලංකා සතොස අළෙවිසැල් ජාලය සමඟ ගිවිසුමක් ඇති කරගන්නා ලදී.
ඒ අනුව, නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී පොල් ගෙඩියක් රු.75/=කට අළෙවි කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෙළෙඳපොල පොල් මිල පහළ යාමට සාපේක්ෂ්ව ඉදිරියේ දී ලංකා සතොස හරහා අළෙවි කරනු ලබන පොල් වල මිලගණන් ද අඩු වනු ඇති නමුත් වෙළෙඳපොලේ පොල් මිල ඉහළ ගියද, රු. 75/=ක ස්ථාවර මිලකට පොල් අළෙවි කිරීමට ලංකා සතොස කටයුතු කරනු ලබන බව ද සඳහන් කරන ලදී.

