රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානීන්ට තමන් බලපෑම් කර ඇති බව ඔප්පුකළහොත් තමන් ජනමාධ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට ජනපතිවරයා සම්බන්ධවීමේ සිදුවීමකදී තමන් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට බලපෑම් කළ බවට පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවැසීය.
තමන් උසස් මාධ්‍ය සදාචාරයක් වෙනුවෙන් කටයුතු කරමන් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.