අඹන්පොල, කළුවිලපතාන ප්රදේශයේදී ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
අතුරු මාර්ගයක සිට ප්රධාන මාර්ගයට පසුපසට ධාවනය කළ ලොරි රථයක පිටුපස බස්රථය ගැටී පස් කණ්ඩියකද ගැටී මාර්ගය මැදට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බන්ධනාගාර බස් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු හා සැකකරුවන් 9 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා ගල්ගමුව රෝහළට ඇතුළත් කර තිබේ.
ලොරි රථයේ රියදුරු ලොරි රථයත් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හෙට (24දා) මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.