ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කර සිටින්නේ ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.
කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ විශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය ඊයේ (11) දින විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.