බදු සහන දෙන්නයි වෘත්තීය සමිති කළ යෝජනාවට ජනපති ’බෑ’ කියයි
වෘත්තීයවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති 40ක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බදු සහන ලබා දෙන ලෙස වෘත්තීය සමති මගින් ඉදිරිපත් වූ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බැවින් බදු සහන ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවයි එම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා කියා සිටි බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය පවසයි. මෙම හමුව ඊයේ පැවැත්වීය.
මෙම සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරමින් වෘත්තීය සමිති දැනුවත් කර ඇති අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද ඔවුන් දැනුවත් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වන තුරු සහනයක් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙහිදී වෘත්තිකයන් යෝජනා කර ඇත්තේ උපයන විට ගෙවන බදු අය කිරීමේ සීමාව රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ නංවන ලෙසත් උපරිම අනුපාතය සියයට 24ක් බවට පත්කිරීමට කටයුතු කරන ලෙසයි.
මෙහිදී වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති බදු සංශෝධන සඳහා ජනපතිවරයා මූලික වශයෙන් එකඟ වී ඇති නමුත් IMF සාකච්ඡා පැවැත්වෙන බැවින් මේ මොහොතේ සහන ලබා දිය නොහැකි බව ජනපතිවරයා සඳහන්ත් කර තිබේ.
ජීවන වියදම, ආර්ථික අර්බුද, අධික බදු ආදිය හමුවේ තමන්ට දැන් හදිසි සහන අවශ්‍ය වී ඇති බැවින් පසුව සහන ලබා ගැනීමෙන් ඵලක් නොමැති බව වෘත්තීය සමිති මෙහිදී පෙන්වා දී තිබේ.
වෘත්තීය සමිති සාමාජිකයින්ට ලබන සතියේ මුදල් අමාත්‍යාංශය සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්විය හැකි බව පැවසූ ජනාධිපතිවරයා එම රැස්වීම සඳහා දින ලබාදෙන බවද පැවසීය.
popular news
-
sg Sunday, 26 February 2023 05:45 PM
Needs to settle down this issue through negotiation. Otherwise ..impact will have more cost than control.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

