ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සිදුකරන ලබන ජුනි මාසයේදී බදු සංශෝධන ගැන සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව වන සංශෝධිත යෝජනා මහා භාණ්ඩාගාරය සකස් කරමින් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (22දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ බදු බර නිසා සමාජයේ යම් කොටසකට පීඩනයක් ඇතිව තිබෙන බව අපි දන්නවා. ඒ වගේම උද්ධමනය හේතුවෙන් සමස්ත සමාජයම පීඩා විදින බවත් අපි දන්නවා. ඒත් දැනට අපි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් ඈත්වෙන්න අපිට හැකියාවක් නෑ. අපි මුහුණ දෙන කටුක සත්‍ය එයයි. අපි මේ වැඩපිළිවෙළ මාස හයෙන් හයට සමලෝචනය කරන්න අපත් අයි. එම්.එෆ්. සංවිධානයත් ක්‍රියා කරනවා.
පළමු සමාලෝචනය කරන්නේ ලබන ජූනි මාසයේදී දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය ගැන දැනටමත් අපේ අවධානය යොමුව තිබෙනවා. මහා භාණ්ඩාගාරය සංශෝධිත යෝජනා සකස් කරමින් යනවා.
ඒ වගේම විවිධ විද්වතුන් ආර්ථික විශේෂඥයින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කර පොදු එකඟතාවයකට එන්න අපිට පුළුවන් වේවි.
ජූනි මස සමාලෝචනයේදී මෙම බදු සංශෝධන ඇතුළත් කරන්න අපි අයි.එම්.එෆ්. සමග සාකච්ඡා කරනවා.
ඊට අමතරව කාලීනව අවශ්‍ය ප්‍රතිපත්ති සංශෝධන ගැනත් සාකච්ඡා කරනවා”