බදු ආදායම ඉහළ යාමට වාහන ආනයන බදු මූලික හේතුවක්
මෙරට රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ දි (2025) සැලකිය යුතු අයුරින් වැඩිවිම සදහා ආනයන සිමා ලිහිල් කිරිමෙන් පසු වාහන ආනයනයට අදාළ බදු වලින් රැස්කරගත් ඉහළ බදු ආදායම ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ දි වැඩිවු මුළු රාජ්‍ය ආදායමෙන් සියයට හැටකට වඩා වැඩි ප්‍රමාණයක් වාහන ආශ්රිත බදු මගින් හිමිකරගෙන ඇති බවද මහබැංකුව පෙන්වාදෙයි. මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම 2025 වර්ෂයේ දි රුපියල් බිලියන 471.8 දක්වා සියයට 705.6කින් වැඩි වි තිබුණි.
වාහන ආනයන සිමා ලිහිල් කිරිමත් සමග වාහන සදහා ඇතිවු ඉහළ ඉල්ලුමත් සමග වාහන ආනයන ආශ්රිත බදු ආදායම සිඝ්‍ර ලෙස ඉහළ ගියද වාහන ආනයනය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පැමිණිමත් සමග එම බදු ආදායම මධ්‍යස්ථව පවතිනු ඇති බවද මහබැංකුව පවසයි.
ඉදිරියේ දි වාහන ආනයනය මන්දගාමිවිමෙන් සිදුවියහැකි ආදායම් හිගය පියවා ගැනිම සදහා රජයට සිය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඉතා ප්‍ර වේශමෙන් සකස්කිරිමට සිදුවනු ඇති බවද මහ බැංකුව පෙන්වාදෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
