මෝටර් රථ ආනයන නීති ලිහිල් කිරීමෙන් පසු 2025 පළමු භාගයේ දී ශ්‍රී ලංකාව වාහන ආනයන තීරු බදු ලෙස රුපියල් බිලියන එකසිය විසි නවයක් රැස්කර ඇති අතර පසුගිය (2024) වසරේ එම අගය රුපියල් බිලියන 29.6 ක් බව මුදල් අමාත්‍යාංශය මගින් (12/8) නිකුත් කරන ලද මහ බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි.
මේ අතර සිගරැට් සඳහා වන බද්ද සීයට17 කින් පහත වැටී රුපියල් බිලියන 44 වී ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ.මිල ඉහළ යාම හේතුවෙන් නීති විරෝධී සිගරැට් ජාවාරම ප්‍රවර්ධනය වී ඇති අතර දුම් පානය කරන අය බීඩි, ගංජා කොළ එතූ සිගරැට් ආදියට මාරුවීමද ඊට හේතු වී ඇතැයි කියයි.
ඛනිජ තෙල්වලින් ලැබෙන බදු ආදායම 2024 වසරේ රුපියල් බිලියන 97 සිට 2025 වර්ෂයේ ජුනි මස 30 දක්වා රුපියල් බිලියන 112 දක්වා සීයට15.5 කින් ඉහළ ගොස් ඇත.
මත්පැන් සඳහා වන සුරා බද්ද 2024 .01.01 සිට 2024.12.31 දක්වා කාලය තුළ 99.1 සිට 2025 වර්ෂයේ ජුනි මස 30 දක්වා කාලය තුළ රුපියල් බිලියන 108.2 සක්වා 9.2] කින් ඉහළ ගොස් තිබේ.