බදු අඩු කිරීමට ගෝඨාට ලැබුණේ වැරදි උපදේශනයක්
බදු අඩු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් කෙටි කාලයකට බදු බර දරා ගැනීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"අපි ආදායම් ලබාගත්ත මාර්ග පසුගිය කාලයේදී ක්‍රමානුකූලව ටිකෙන් ටික වැඩිකරගෙන ඇවිල්ලා නෑ. ඒ වෙනුවට ලැබුණ වැරදි උපදේශනයක් මත හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බදු ඔක්කොම අඩු කළා. රාජ්‍ය සේවකයන්ට පනවා තිබුණ ඉපයුම් බද්ද අඩු කළා.
ඒ අවස්ථාවේදී විපක්ෂයෙන් නැගුණ ප්‍රධාන චෝදනාව තමයි කවුරුවත් ඉල්ලන්නේ නැති බදු සහන දීලා රට ගැටලුවකට ගෙන ගියා කිව්වා. ආදායම වැටුණට පස්සේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ ගන්නවා. විකල්පයක් තියෙනවානම් අපි විකල්පය පිළිගන්න ලෑස්තියි.
මූල්‍ය අරමුදල සමග එකඟතා ඇති කර ගන්නේ නැත්නම් අපිට ජාත්‍යන්තර ගනුදෙනු කරන්න බැරිවෙයි. ඒ නිසා අකමැත්තෙන් වුණත් කෙටි කාලයකට මේ බදු බර දරා ගන්න වෙයි."
popular news
-
Nandana Tuesday, 07 February 2023 12:07 PM
Mu anduwe idagena ethokota pol ganna athi,
Reply : 0 0
LGPJ Tuesday, 07 February 2023 11:59 PM
Now you can correct.!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
