බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව,
බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක ඉල්ලුම්කරු විසින්,
මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්රය අලුත් කරන අවස්ථාවක හිමිකරු විසින්,
ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින්,
යන අවස්ථාවලදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය අනිවර්ය කෙරේ.මේ සඳහා වන මාර්ගෝපදේශ ඉදිරියේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරනු ඇතැයි අයවැයේ සඳහන් වෙයි.