බදුල්ල - බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය නතර කරයි
බදුල්ල කොළඹ ප්රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය අද (10) සිට නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසයි .
මේ සදහා විකල්ප මාර්ගය ලෙස හාලිඇල ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය හදුන්වා දී ඇති බවත් , එම මාර්ගය ඔස්සේ බර වාහන වලට බදුල්ල , බණ්ඩාරවෙල නගර වලට ලගා විය හැකි බවද හෙතෙම කීය .
දුර ගමන් සේවා බස්රථ ධාවනය සදහා ද මෙම විකල්ප මාර්ගය හදුන්වා දී ඇති අතර , බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කරන බවද පවසන බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල කොළඹ ප්රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්රදේශයේ මාර්ගය තව දුරටත් නාය යාමේ අවධානම් තත්ත්වය ක ඉරිතලා පුපුරා ගොස් තිබෙන බවත් පැවසීය .
බදුල්ල දිස්ත්රික් සම්බන්දීකරන කමිටු සභාපති මේජර් ජනරාල් සුදර්ශන දෙනිපිටිය , බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන යන මහත්වරුන් රාජ්ය ආයතන වල නිළධාරින් සමඟ අද (10) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ඇල්ල ප්රසාද් රුක්මාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

