බදුල්ල වායුගෝලයේ ගැටලුවක්
දිවයින තුලට බාහිරින් හමාඑන සුළං සමඟ කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු (මීදුම වැනි) මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කය පුරා වායූගෝලයේ ව්‍යාප්ත වී ඇති හෙයින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ට එය බලපාන හෙයින් ජනතාවට ප්‍රවේශමෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා අද (15) පැවැසීය.
ඉකුත් දින දෙක තුල හා අද (15) දින බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටම ට වඩා (Air quality index) වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා පැතිර පවතින බවත් , එය ජනතාවගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයට බලපෑම් කරන බවද හෙතෙම කීය .
විශේෂයෙන් ශ්වසන රෝග, ශ්වසන ආබාධ ඇති අය මෙන්ම වයෝවෘද්ධ , වැඩිහිටියන් මින් ප්‍රවේශම් විය යුතු බවත් පවසන උදයකුමාර මහතා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි හෙයින් මුඛ ආවරණ පැලදීම , විවෘත පරිසරය තුළ හැසිරීමෙන් වැලකී සිටීම තුලින් මේ තත්වයෙන් මිදීමට හැකි බවද සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

