දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත්වු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල අතර දුම්රිය මාර්ගය යථා තත්වයන්ට පත් කිරිමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව හැටන් දුම්රිය ස්ථානයේ කාර්මික අංශයේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් කොටගල දුම්රිය මාර්ගයේ විනාශයට පත්වු කොටස් මේ වන විට යථා තත්වයන්ට පත් කරමින් පවතින බවත් මෙම වසර අවසන් විමට පෙර බදුල්ල සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය කර විමට හැකිවනු ඇති බවත්ය.