බුලත්විට හපා කෙලගැසීමෙන්ද බුලත් සමග හුනු බිත්තිවල ඇතිල්ලීමෙන්ද ඌව පළාතේ අග නගරය වන බදුල්ලේ මධ්‍යම බස් නැවතුම්පොල බෙහෙවින්ම අපවිත්‍රවී ඇති අතර එය මහජන සෞඛ්‍ය යටද තර්ජනයක් වී තිබේ.
මීට අමතරව පොදුවෙළදපොල ස්ථාන වලදි මේතත්වය දැකිය හැකිය . බදුල්ල බස් නැවතුම් පොලේදි ඇතැම් පාසැල් සිසුන් පුවක් හා දුම්කොල පමණක් කැමට පුරුදුවී සිටින අතර ඔවුන්ද මෙසේ කෙල ගසන බව අනාවරණය වී තිබේ
බස්නැවතුම් පොලේ බුලත් කෙල ගැසීම හා හුනු ඇතිල්ලීම තහනම් කල බව පොලිසිය හා මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති
මේනිසා එසේ බුලත් කෙල ගසන සහ හුනු අතුල්ලන අය අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය හා එක්ව බදුල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවරගෙන තිබේ
ඉකුත් සතියේ මෙවැනි පුද්ගලයන් 15 දෙනෙක් නිතියේ රැහැනට හසුකරගෙන ඇති අතර වරදපිළිගත් සැකකරුවන්ට අධිකරණය මගින් රුපියල් දඩ නියම කළ බව බදුල්ල මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරික්ෂක එම් වී තිලක සිරි මහතා පැවසීය .