බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණු තුනම අක්‍රිය වී,ඒවා හුදෙක් කණු විතරක් බවට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරති .
බදුල්ල නගර මධ්‍ය යේ ඇත්තේ යටත් විජිත සමයේ ඉදිකළ ඔරලෝසු කණුවයි .
මෙය අකර්මන්‍යවී වසරක ට වැඩි කාලයක් ගතවී තිබේ .ඊට අමතරව බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය ඉදිරියේ ඇති ඔරලෝසු කණුවේ මෙන්ම බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට නුදුරින් ඇති ඔරලොස් කණුවේද ඔරලෝසු වසරකට වැඩි කාලයක් තිස්සේ අක්‍රීයව ඇතැයි ජනතාව කියති .
මේ තත්වය නිසා බදුල්ල නගරයට පැමිණෙන බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව තිබේ .
මෙම ඔරලෝසු නිවැරැදි වේලාව දක්වන අයුරින් සකස් කරන්නැයි ජනතාව, බදුල්ල මහ නගර සභාවෙන් ඉල්ලාසිටිති.
බදුල්ලේ පාලිත ආරියවංශ


