බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අද (8) උදෑසන දෙමෝදර අහස් නවය ආරුක්කු පාලම ආසන්නයේ දී අතර මග ඇණහිටීම නිසාවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්වූහ .
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 5.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.27ට නියමිත වේලාවට ධාවනය වී ඇල්ල දුම්රිය ස්ථානය කරා ලගාවෙමින් තිබියදී ඓතිහාසික අහස් නවය ආරුක්කු පාලම ආසන්නයේ දී මෙම ද්විත්ව දුම්රිය එංජින් යුගලක එක් එන්ජිමක හදිසියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය මෙසේ අතරමග ඇණහිට යේය.
පසුව දුම්රිය යලි දෙමෝදර දුම්රිය ස්ථානය කරා පසුපසට ධාවනය කර එහි නවතා තබා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට පැමිනි දුම්රිය කාර්මිකයින් විසින් දුම්රිය එංජිම පිළිසකර කිරිමෙන් අනතුරුව යලි උඩරට මැණිකේ දුම්රිය පැය දෙකහමාරක් පමන ප්රමාදවී දෙමෝදරින් පෙරවරු 8.43 ට කොළඹ කොටුව බලා ධාවනය කරවු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .
මේ අතර බදුල්ල සිට පස්වරු 1.45ට කොළඹ කොටුව බලා සති අන්තයේ ධාවනය වන අංක 1002 දරන විශේෂ සීඝ්රගාමී දුම්රිය ද ඊයේ (7) පස්වරුවේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර හාලිඇල දුම්රිය ස්ථානයට ලගාවීමත් සමග එහි දුම්රිය එන්ජිමක හදිසියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එම දුම්රියද යලි හාලිඇල සිට බදුල්ල බලා ධාවනය වියමේනිසාවෙන් එම දුම්රිය මගීන් ද දැඩි අපහසුතාවට පත්වූහ .
පසුව කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිනි අංක 1006 පොඩිමැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය ට ලගාවීමෙන් අනතුරුව එම දුම්රිය යලි හරවා අංක 1002 දරන විශේෂ සීඝ්රගාමී දුම්රිය ලෙසින් පැය හතරහමාරක් පමන ප්රමාද වී පස්වරු 6.00ට පමන බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .