බදුල්ලේ වගාවට නැවත පණ දෙන්න සාකච්ඡා
අයහපත් කාලගුණය හේතුවෙන් ජලයට වීමෙන් විනාශවූ බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු සහ එළවළු වගාවන් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් (07) වෙනිදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී දිස්ත්‍රික්කයේ දැනට බලපෑමට ලක්ව ඇති ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමඟ සැකසුම් සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
හානියට පත්වූ කුඹුරු සහ එළවළු වගාවන් පිළිබඳ තොරතුරු එක්රැස් කර හානිය තක්සේරු කොට වන්දි ලබාදීමටත් එම කුඹුරු සහ එළවළු වගාවන් යළි කඩිනමින් නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳවත් සොයා බලනු ලැබීය.වන්දි කඩිනමින් ලබාදී ගොවීන් සවිබලා ගන්වා වගාවන්ට යොමු කරන ලෙස මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
මෙම සාකච්ඡාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න,බල ශක්ති නියෝජ්‍ය ඇමති අක්රම් ඉල්ලියාස්,යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති දිනිඳු සමන් හෙන්නායක,ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර,ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූශා ගෝකුල ප්‍රනාන්දු,බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන යන මහත්ම මහත්මීන්,ආපදා කළමනාකරණ සේවා ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
මොණරාගල සුමනසිරි ගුණතිලක


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

