බදුල්ලේ මරණ 88, අතුරුදන් 11, බලපෑමට පත්වූවන් 64140
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළවෙහිම පවුල් 19133ක පුද්ගලයින් 64140 දෙනෙකු ආපදාවෙන් බලපෑමට ලක්වී සිටින බව අද 07 දින පස්වරු තුනට බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිකුත් කළ ආපදා සිද්ධි වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවට අනුව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට අසූ අටක් දක්වා ඉහළ ගොස් ඇති අතර එකොලොස් දෙනකු අතුරුදන් වී ඇති බව සඳහන්වේ. තව විසි හතර දෙනකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එකොළොස් දෙනකු මිය ගොස් ඇති බවත් බදුල්ල මීගහකිවුල වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දස දෙනකු බැගින් මියගොස් ඇති බවත් ලුණුගල සහ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නව දෙනකු බැගින් මියගොස් ඇති බවද සඳහන් වේ.
කන්දකැටිය අටක් ද හාලිඇල හයක්ද ඌවපරණගම පහක්ද හපුතලේ තුන් දෙනෙකුද ඇල්ල සහ බණ්ඩාරවෙල එක් පුද්ගලයෙකු බැගින්ද ආපදාව නිසා ජීවිතක්ෂයට පත් වී ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 142 ක් ක්‍රියාත්මක බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර නාය යෑම් සහ ගංවතුරට හසුව පූර්ණ වශයෙන් හානි වී තිබූ නිවාස ගණන 418 ක් ලෙසද අර්ධ හානි වී තිබූ නිවාස ගණන 7703 ක් ලෙස ද දැක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

