බදුල්ලේ නාම යෝජනා 10ක් ප්රතික්ෂේපයි
බදුල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 163ක් අතරින් දහයක් ප්රතික්ෂේපවූ බව බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසිය. පිළිගත් දේශපාලන පක්ෂ 06 ක සහ ස්වාධීන කණ්ඩායම් 04ක නාමයෝජනා මෙසේ ප්රතික්ෂේප වී ඇත.
පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 184 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 135 ක් සහ ස්වාධීන කණ්ඩායම් 28ක් නාමයෝජනා භාරදි ඇතැයි ඒ මහත්මිය පැවසීය.
ඇප මුදල් තැම්පත් කළ පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් සදහා නාම යෝජනා භාරදී නොමැති වබවද ලේකම්වරිය කියයි.
ඒ අනුව හාලිඇළ ප්රාදේශීය සභාවේ ලංකා කම්කරු කොංග්රසය,ඌවපරණගම ප්රාදේශීය සභාවේ එක්සත් මහජන පක්ෂය,ඇල්ල ප්රාදේශීය සභාවේ ස්වාධීන කණ්ඩායම,හපුතලේ ප්රාදේශීය සභාවේ ලංකා කම්කරු කොංග්රසය සහ ස්වාධීන කණ්ඩායම,හල්දුම්මුල්ල ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය,ජාතික ප්රජාත්රාන්ත්රවාදි පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම,මහියංගන ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම ප්රතික්ෂේප වී ඇත.
බදුල්ල දිස්ත්රික්කයේ මහ නගර සභා දෙකක්,නගර සභාවක් සහ ප්රාදේශීය සභා පහළොවක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ 129ක් සහ ස්වාධින කණ්ඩායම් 24ක් ඇතුලුව පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණන 153ක් බව ලේකම්වරිය කියයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

