බදුල්ලේ දෛනික ආසාදිතයින් ඉහළට
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , මහියංගණය හා හපුතලේ කොවිඩ් ආසාධිතයන්ගේ විශාල ලෙස වැඩිවී ඇතිබව ඉකුත් දින 3 තූළ ලැබුණ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා අනුව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .
බදුල්ල -අම්පිටිය කොවිඩ් මරණයක් සිදුවූ නිවසක් ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් 11 දෙනෙක් අද හදුනාගෙන තිබේ
ඔවුන් සියළු දෙනා පවුලේ ඥාතීන් බවත් , දෙවන පෙළ ආශ්‍රිතයන් ද සොයා නිරෝධානයට ලක්කිරීම සදහා කටයුතු කරගෙන යන බවත් බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාධිතයන් 60 ක් හමුවී තිබේ ඔවුන් අතර කයිලගොඩ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 7 දෙනෙක්ද වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වාදෙති
මහියංගණය නගරයේ ඇගළුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයන් 157 දෙනෙක්ද , මහියංගණය මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් කොවිඩ් ආසාදිතයන් 87 දෙනෙක්ද හමුවූ බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි .
මේ අතර හාලිඇල පොලිසියේ නිළධාරින් 12 දෙනෙක්ද කොවිඩ් අසාධිතන් ලෙස හදුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ .
හපුතලේ තේ වතු 3 කින් කොවිඩ් 19 ආසාදිත තරුණියන් 18 දෙනෙක්ද හදුනාගෙන තිබේ .
බදුල්ල බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවන් දෙදෙනෙක් ඇප මත මුදාහැරීමට පෙර සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාධිතයන බව තහවුරු වී තිබේ .තවත් කීපදෙනෙක් පී.සී.ආර් පරික්ෂණ සදහා යොමුකර තිබිණ .
පාලිත ආරියවංශ
popular news
-
Saman Thursday, 03 June 2021 06:07 PM
සංචරණ සීමා ක්‍රියාත්මක වෙන්න එපැයි කොරෝනා පාලනය වෙන්න නම්, මිනිස්සු ඔහේ ගමන් යනවා, නීතිය ක්‍රියාත්මක වීමක් නෑ. බදුල්ල නගරයෙන් පිටත ගම් වල, පොඩි නගරවල කිසිම සංචරණ සීමාවක් නෑ, ජනතාවට රෝගය ගැන කිසි අවබෝධයකුත් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

