බදුරලිය කෙලින්කන්ද නිවසක් ඉදිරිපිට දී අද (02දා) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ චන්ද්‍රලතා පත්මිණී නමැති පනස් තුන් හැවිරිදි කාන්තාවක් වේ.
තුවාල ලද කාන්තාව විවාහක කාන්තාවක් වන අතර ඇය සමග කලක් එකම නිවසක වාසය කළ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය ඇයගේ අතකට සහ පපු පෙදෙසට වැදී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි පහර එල්ල කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.
වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය නොවන අතර දෙදෙනා අතර පවතින ආරවුලක් මෙයට හේතු වී ඇති බවට සැකකරන බවත් තවදුරටත් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.