බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 2026.09.29 දින රාත්‍රී බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100 ක් සමඟ අත්අඩංගුවට ගෙන බද්දේගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 23 කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බද්දේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි