බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ජනාධිපති නීතීඥ ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එසේම පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රේෂ්ඨාධිකරන තීරණ අනුව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කොට තිබෙන බව පැමිණ සිටි අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව මෙම පනත් කෙටුම්පත පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කොට මීළඟ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කොට සලකා බැලීමට තීරණය කෙරිණි.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ගරු රවුෆ් හකීම්, ගරු උදයන කිරිඳියගොඩ යන මහත්වරු සහභාගී වූහ.