“බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්රදානය ඇරඹෙයි
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද 01 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන්, බුද්ධශාසන අරමුදලෙන් සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්රදානය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.
මෙම වැඩසටහනෙහි සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදෙසා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් හිමිකම් ප්රදානය කෙරිණි.
මෙහිදී පහත සඳහන් භික්ෂූන් වහන්සේලා අග්‍රමාත්‍යතුමා අතින් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම ලැබූහ.
- පූජ්යනිකපොතචන්දජෝතිහිමි
- ජූජ්යදඹගහහේනේජිනානන්දහිමි
- පූජ්යකටුවනසෝමරතනහිමි
- පූජ්යවැලිකඩමුල්ලේජිනරතනහිමි
- පූජ්යඌරලියේවිමලවංශහිමි
මෙම භික්ෂූන් වහන්සේලාගේ හිමිකම් ප්රදානය සඳහා අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි සහ විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්රිය, විශේෂඥ වෛද්‍ය ප්‍රභා සමරකෝන්, ශ්‍රියානන්ද විජේකෝන්, විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකෝන්, මහාචාර්ය වසන්ති පිංටෝ, විශේෂඥ වෛද්‍ය නිර්මලා ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පරිත්‍යාශීලීන්ගේ දායකත්වය ලැබී තිබිණි.
බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනට බුද්ධශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40ක මුදලක් ආරම්භයේදී ප්රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබිණි.
ඒ සඳහා රජයෙන් තවත් රුපියල් මිලියන 50ක දායකත්වයක් ලැබෙන අතර මේ දක්වා පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් හැත්තෑ තුන් ලක්ෂයක මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබේ.
මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, බුද්ධශාසන ආගමිකහා සංස්කෘතික කටයුතු අමාත්යංශලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

popular news
-
rocky Thursday, 01 October 2020 06:35 PM
mokadda me vikata jawanikaawa? ithurub welaa inna silvath yahapath sanghayaa wahanselaa tika denaawath mewani deshapaalana wigadam walin wandawelaa yanawa. me deshapaaluwan saasane vinaasa korannayi hadanne!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

