බත් වැඩියෙන් තිබ්බේ යැයි රයිස් කුකර් එකේ පියනෙන් දියණියගේ මුහුණ පිළිස්සූ පියා
ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැම්ණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.
පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් සිය මව සමග පැමිණ කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
පිලිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමග පෙරේදා (05) රාත්‍රි පොලිසියට පැමිණිලි කර, ප්‍රතිකාර සදහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලිසිය කීය.
දැරිය එදින රාත්‍රි 7.45 ට පමණ බත් පිසිමින් සිටියදී සැකකරු නිවස පැමිණ ඇති අතර දැරියගේ මව අසල වෙළද සැලකට ගොස් සිට ඇත.
රයිස් කුකර් එකෙහි පියන විවෘත කර බැලූ සැකකරු මෙතරම් හාල් මොකටද උයන්නේ යනුවෙන් පවසා රයිස් කුකුර් එකේ පියන ගෙන දැරියගේ මුහුනට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කීය.
මුහුන සහ කම්මුල් වල පිලිස්සීම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් කරා යොමුකල බව පොලිස් නිළධාරීයෙක් පැවසීය .
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා පැවසීය.
පානදුර සුමිත් පොතුපිටිය, පානදුර සමන් කාරියවසම් සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

