බත්තුළුඔයේ ආරක්ෂිත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුයට වැටිමේන් පසු ගසා ගෙන ගිය ඉන්ධන බවුසරය දැවැන්ත දෝඹකරයක් ආධාරයෙන් පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට හැකිවු බව මුන්දලම පොලිසිය පවසයි.
අදාල ඉන්ධන බවුසරය ඊයේ (24දා) අලුයම කිසියම් හේතුවක් නිසා රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මෙසේ බත්තුළුඔයට ඇද වැටි තිබු අතර ඉන්පසුව ගසාගෙන ගොස් බත්තුළුඔය දුම්රිය මාර්ගයේ පාලමේ සිරවි නැවති තිබුණි.
මෙම අනතුරින් රියදුරු කිසිදු තුවාලයක් හෝ නොමැතිව දිවි බේරා ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම බවුසරය ගොඩ ගැනිමට පුත්තලමේ මේ වන විට ඇති දැවැන්තම දෝඹකරය ගෙන ඒමට මුන්දලම පොලිසිය කටයුතු කර තිබු අතර ඒ සදහා අදාල කාර්ය මංඩලය පැය පහක පමන කාලයක දී විශාල වෙහෙසක් දරා ඉන්ධන බවුසරය ගොඩට ගැනිණි.ට
මේ සදහා තවත් විශාල පිරිසකගෙ සහාය පොලිසියට ලැබි තිබු බව මුන්දලම පොලිසියෙ නිළධාරින් පවසයි.

