බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ඇතුලු කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වීමට ඇප මුදල් තැනපත් කළ බව බදුල්ල දිස්ත්රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ.කාන්දීපන් මහතා පැවසීය.
බණ්ඩාරවෙළ මහ නගර සභා බල ප්රදේශයේ තිබෙන කොට්ඨාශ අට සදහා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 19 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 5000 බැගින් රුපියල් 95000ක මුදලක් දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේ තැම්පත්කල බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
ඇප මුදල් තැම්පත් කළ බණ්ඩාරවෙළ මහ නගර සභාවේ ස්වාධීන කණ්ඩායමේ එම මහ නගර සභාවේ නාගරික මන්ත්රිවරුන් වැඩි පිරිසක් නියෝජනය කරති.
බදුල්ල දිස්ත්රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පළමුවරට බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ඇතුලු කණ්ඩායම ඇප මුදල් තැම්පත් කර තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
ඇප මුදල් තැම්පත් කිරීමෙන් පසු බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා මෙසේ පැවසීය.
"මම පසු ගිය පළාත් පාලන මැතිවරණයටත් ස්වාධින කණ්ඩායමකින් ඉදිරිපත්ව විශිෂ්ඨ ජයක් ලබා නගරාධිපති වුණා ස්වාධීන කණ්ඩායමකින් ජයගත් මා ඇතුලු කණ්ඩායම පසුගිය කාලයේ බණ්ඩාරවෙළ නගර සීමාවට විශාල සංවර්ධනයක් ගෙනාවා" යැයි නගරාධිපතිවරයා පැවැසිය.
ප්රසන්න පද්මසිරි