ජාතික ජනබලවේගයේ ආර්. එම් සාගරධීර විශ්ව වික්‍රම මහතා අද (11) වැඩි ජන්ද හතරක් (04) ක් හිමිකරගනිමින් බණ්ඩාරවෙල නගරාධීපතිවරයා ලෙස තේරීපත්වූ අතර වැඩි ජන්ද හතරක් (04) ක් හිමිකර ගත් ස්වාධීන කණ්ඩායම් අංක 01හි ශ්‍රීකාන්ත නන්ද මහතා උප නගරාධීපතිවරයා ලෙස තේරී පත් විය.
පළාත් පාලන මැතිවරණයේදී එකදු පක්ෂයකට හෝ බහුතර බලයක් හිමි නොවීම නිසා මෙතෙක් බණ්ඩාරවෙල නගර සභාව සදහා නගරාධීපතිවරයෙකු පත්කර නොතිබූ අතර අද (11) බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් ලලිත් හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල නගරසභා ශාලාවේදී නගරාධීපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජන්ද විමසීම පැවැත්විණ.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර මන්ත්‍රී සංඛයාවක් තම පක්ෂයට නොලැබුනද ස්වාධීන කණ්ඩායම් අංක 01හි මන්ත්‍රීවරයෙකුගේද සහාය ලබාගනිමින් ජාතික ජනබලවේගයේ ආර්. එම් සාගරධීර විශ්ව වික්‍රම මහතා නගරාධීපතිවරයා ලෙසත් ජාතික ජනබලවේගයේ සහාය ලබා ගනිමින් ස්වාධීන කණ්ඩායම් අංක 01 නියෝජණය කල ශ්‍රීකාන්ත නන්ද මහතා උප නගරාධීපතිවරයා ලෙසත් තේරී පත්වීම විශේෂ සිදුවීමක් විය.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල නගර සභාව සඳහා තේරී පත් වූ එකදු දේශපාලන පක්ෂයකට හෝ බහුතර බලයක් හිමි නොවීම හේතුවෙන් නගරාධීපතිවරයා හා උප නගරාධීපතිවරයා පත් කිරීම සදහා මෙම ජන්ද විමසීම පැවැත්විණ.
බණ්ඩාරවෙල නගර සභාවේ නියෝජිත සංඛ්‍යාව 16ක් වුවද මේ වන තුරුත් සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නියෝජිතයින් තිදෙනාගේ නම් ඉදිරිපත් කර නොතිබීම නිසා ජාතික ජනබලවේගයේ (මන්ත්‍රී 06) , ස්වාධීන කණ්ඩායම් අංක 01 (මන්ත්‍රී 05), ස්වාධීන කණ්ඩායම් අංක 02 (මන්ත්‍රී 01), හා පොදු ජන පෙරමුනේ (මන්ත්‍රී 01), යන මන්ත්‍රීවරුන් 13 දෙනාගේ සහභාගීත්වයෙන් ජන්ද විමසීම පැවැත්විණ.
එන් කේ නිශ්ශංක මීගහකිවුල