ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (20දා) නියෝගයක් නිකුත් කළේය.
ඒ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව මහෙස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
බණ්ඩාරනායක පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවට පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.