බටපොල ඝාතනයට තිදෙනෙක් අල්ලයි
බටපොල බටදූව ප්රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී බීමත් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගොස් සිටියදී එම ගැටුමේ එක් පාර්ශවයක තිදෙනෙකු විසින් එල්ල කළ කඩු පහාරයකින් තරුණයකු ඝාතනය කොට දින දාහතක් සැගවී සිටි සැකකරුවන් තිදෙනා ඊයේ (11දා) රෑ බටපොළ මගවෙල ප්රදේශයෙදි අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.
බටපොල කොබෙයිතුඩුව ප්රදේශයේ පදිංචි පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් නමැති තිස්හත් හැවිරිදි විවාහක පුද්ගලයෙක් මෙසේ ඝාතනය කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බටපොළ මගවෙල, අම්බලන්ගොඩ ඉඩම්තොට හා අම්බලන්ගොඩ කුලීගොඩ ප්රදේශයේ බවද පොලීසිය කියයි. සැකකරුවන් අද (12දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බටපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
-
janahitha Wednesday, 12 July 2023 03:58 AM
ambalangoda balapitiya una thuran kirimata kalaya elamba atha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

