බෝගම්බර කාන්තා රැඳවියන්ට දුරකතන අලෙවිකළ වෛද්‍යවරයා අත්අඩංගුවට
බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන සහ එහි උපාංග අලෙවි කරමින් සිටියදී ඔහුගේ වෛද්‍ය නිල කාමරය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෛද්‍යවරයා ගැන ප්‍රතිකාර ලබාගන්නට පැමිණෙන කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන සහ උපාංග අලෙවි කරන බවට බන්ධනාගාර බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව බන්ධනාගාර අධිකාරිවරයා විසින් යොදවන ලද විශේෂ කණ්ඩායමක් විසින් බන්ධනාගාර රෝහලට පැමිණි රැඳවී කාන්තාවකට ජංගම දුරකථන ආරෝපණයක් සහ බැටරි දෙකක් අලෙවි කිරීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ .
බන්ධනාගාර නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී එම ජංගම උපාංග අළෙවි කිරීම සඳහා මුදල් තැන්පත් කළ බැංකු ලදුපත ද සොයාගෙන ඇති අතර වෛද්‍යවරයා මීට පෙරද මේ ආකාරයට ජංගම දුරකථන සහ උපාංග සහ ජංගම දුරකථන අළෙවි කළ බවට ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන ඇති බවද පැවැසේ. පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

