බංග්ලාදේශය ඩොලර් 10ට සිනෝෆාම් ගන්න කථාව බොරු
චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මිලට ගැනීමට කටයුතු කරන බවට පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ඔවුන් පවසන්නේ බංග්ලාදේශයේ ඩකා හි පවතින චීන එම්බසියෙන් මෙන්ම සිනෝෆාම් සමාගමෙන්ද මේ බව විමසා සිටි බවයි.
බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කර ඇත්තේ මිල සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි.
එසේම සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසත්‍ය ප්රවෘත්ති මිල සම්බන්ධයෙන් වන සාකච්ඡාවලට බාධාවක් වී ඇති බවත්ය.
popular news
-
Kanchana Sabaragamuwa Sunday, 30 May 2021 07:02 AM
Regarding social media comments!! Our people making so many fake news !! Why dont we band them in social media !! We must allowed only availble TV / Radii chanels and daily weekend papers only !! Otherwise some people ruined this society.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

