බංග්ලාදේශයේ චිතගොං හි බහාලුම් ගබඩාවක ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් සමග සිදුවූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් තුවාල ලැබූ පිරිස 450ක් ඉක්මවන අතර බලධාරීන් විශ්වාස කරන්නේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව හා තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා කළේ පිපිරීමක් සමග ගින්න පැතිර ගිය බවයි. රාත්‍රී 9 ට පමණ ගින්න හටගෙන ඇති අතර මධ්‍යම රාත්‍රියේදි පිපිරිම ඇතිව තිබේ.
පිපිරීමෙන් අවට නිවෙස්වල ජනෙල් වීදුරු කැඩී ගොස් ඇත. ගිනි නිවීමේ ඒකක 19 ක් පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර ගිලන්රථ හයක් ද එම ස්ථානයට යොදවා තිබේ.
