ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ලබන මාර්තු මාසය වන විට ගෙවා දමනු ඇතැයි බංග්ලාදේශය විශ්වාස කරයි. බංග්ලාදේශ බැංකුවේ අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ වොෂිංන්ටයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
"අපි [බංග්ලාදේශය] ශ්‍රී ලංකාවට මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඩොලර් මිලියන 200 ක් ලබා දුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට නියමිත වේලාවට මුදල් ආපසු ලබා දීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාව එය වාරික තුනකින් 2023 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ආපසු ලබා දීමට නියමිතයි .
ඔවුන් (ශ්‍රී ලංකාව) ආපසු ගෙවීමේ කාලසීමාව සපුරාලන බවට මහ බැංකු අධිපතිවරයා මට සහතික වුණා. ඔවුන් දැන් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින අතර ඒ ගැන ඉන්දියාව, ජපානය සහ චීනය සමඟ කතා කර තිබෙනවා." යැයි බංග්ලා දේශ මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.