බංග්ලාදේශ රජය මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම අද (31දා) සෞඛ්‍ය අමාත්‍යංශයේදී බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.ඩී.අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
විවිධ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වය තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා සහයෝගය ලබාදීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බව පැවසීය.
ඖෂධ තොගය නිල වශයෙන් බාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින්-රටවල් දෙක අතර පවතින සමීප සබඳතාවය සේම සෞඛ්‍ය ක්ෂේත්රය තුළද එවැනි ඉහළ සබඳතාවයක් ඉතා වැදගත් බව පැවසීය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෛද්‍යවරුන්ගේ සිට අනෙකුත් කාර්යමණ්ඩල දක්වා හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේ දීද දෙරට අතර එවැනි හුවමාරු වැඩපිළිවෙලක් මෙන්ම දැඩි සබඳතාවක් දෙරටහිම සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට වඩාත් වැදගත් වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
