සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 34 දෙනෙකු 05/08 දින පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැදී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් වයස අවුරුදු 19 ත් - 54 ත් අතර පසුවන බංගලදේශ ජාතික පිරිමි පුද්ගලයන් පිරිසකි.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරු කීපයක් මත පදනම් වෙමින් මෙම අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැළසුම් කර තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් බංගලදේශ ජාතිකයන් පිරිස වැළිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටින අතර , ඔවුන් හැකි ඉක්මණින් බංගලදේශය බලා පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනිමින් සිටිති .