රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) සාගර කාරියවසම් මහතාගේ සභාපතීත්වයෙන් මෙම විශේෂ කාරක සභාව පළමුවරට පසුගියදා (18) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී කාරක සභාවේ ඉදිරි වැඩකටයුතු පිළිබද මූලික කරුණු සාකච්ඡා කිරීම සිදුවිය.
ඒ අනුව අදාළ ප්‍රවීණයන් කවුරුන්ද යන්න යෝජනා කරන ලෙස ද කාරක සභාවේ සභාපතිවරයා සාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දුන්නේය.
මේ අතර, විපක්ෂය ගෙන ආ යෝජනාවක් අනුව පත්කළ මෙම කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ නියෝජනයක් විය යුතු බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී ඇති බැවින් මේ පිළිබඳව කථානායකවරයාගේ විශේෂ අවධානයට යොමු කළ යුතු බවත් මෙම රැස්වීමට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සඳහන් කළේය.
ඒ අනුව, රට බංකොලොත්භාවයට ලක්වන විට රට පාලනය කිරීමේ වගකීම දැරූ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම කමිටුවේ ස්වාධීනත්වයට බාධාවක් බැවින් කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවත් රාසමාණික්කම් මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ මෙම කාරක සභාව දේශපාලන කාරක සභාවක් නොවන බවත්, යෝජනාව ගෙනෙන පක්ෂයෙන්ම සභාපතිවරයා පත්විය යුතු බවට සම්මතයක් නොමැති බවත්ය.
එසේම, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත්කිරීමේ දී, සම්ප්‍රදායට අනුව කාරක සභාවේ ව්‍යුහයට අනුව ආණ්ඩු පාර්ශ්වයට වැඩිම නියෝජනයක් සහ විරුද්ධ පාර්ශ්වයට අඩු නියෝජයනයක් ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේය. එසේම කාරක සභාවේ ස්වාධීනත්වය පවතින්නේ කාරක සභාවේ සාමාජිකයන් මත නොව කමිටුව ක්‍රියාකරන ආකාරය මත බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
