පෞරාණික භාණ්ඩ තොගයක් රු. කෝටි 5කට විකුණන්න බැරි වෙයි
පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් නීති විරෝධී අයුරින් කෝටි රුපියල් පහකට අධික මුදලකට අලෙවි කිරීමට උත්සාහ ගත් පුද්ගලයකු යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ආකාරයට අලෙවි කිරීමට උත්සාහ කර තිබෙන්නේ මතුගම, පැලවත්ත, ලිහිණියාව ප්රදේශයේ විහාරස්ථානයක ප්රදර්ශනයට තබා තිබූ ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවස්තුන් බවද යුද හමුදාව සඳහන් කරයි.
ඊයේ( 11දා) උදෑසන කාලයේදී අදාළ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන අතර අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පෞරාණික වටිනාකමකින් යුත් රන්, කිරිගරුඬ, රත් හඳුන් ශෛලමය ප්රතිමාවක් , කුඩා ප්රමාණයේ ඇත් දළ යුවලක්,කළු හා සුදු වර්ණයෙන් යුත් කස්තුරි සහ සෙනර වලිග යුවළක්, ඉපැරණි මුදල් නෝට්ටු සහ කාසි කිහිපයක්, මෙන්ම වෙනත් පෞරාණික භාණ්ඩ කිහිපයක් ඇතුළත්ව ඇත.
යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එකාබද්ධව සිදුකරන ලද වැටලීමේදී අදාළ භාණ්ඩ අලෙවි කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයා පැලවත්ත ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු වන අතර සැකකරුට අමතරව යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අතර විමර්ශන කටයුතු මීගහතැන්න පොලීසිය විසින් සිදු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

