පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීමට පනතක්
පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ අද (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.
මේ අතර වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී සිටින බව සඳහන් කළ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,
"මේ දිනවල කම්කරුවෝ ජීවත් වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කතාවෙනවා. 100%ක් ඇත්ත. අපි ඒක පිළිගන්නවා. පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න මේ වන විට සාකච්ඡා පවත්වලා තිබෙනවා.
ඉදිරියේදී ඒ නිශ්චිත අවම වැටුප සමග පෞද්ගලික ක්ෂේත්රයේ අවම වැටුප වැඩි කරලා පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වතු කම්කරුවාගේ පැත්තෙනුතේ විශේෂ ඉල්ලීම් ගණනාවක් ලැබෙමින් පවතිනවා. ඒ අනුව වතු කම්කරුවන්ටත් දැනෙන වැටුප් වර්ධනයක් ලබා දිය යුතුයි කියන තැන අපි කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී සිටිනවා"යනුවෙන් සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Tuesday, 21 June 2022 11:27 PM
සේවකයින්ගේ පාර්ශ්වයෙන් බැලුවොත් ඉතා වැදගත් කාලීන යහපත් යෝජනාවක්. ඒත් අපේ රටට ආයෝජකයො එන ප්රවනතාව ශුන්‍ය වෙලා තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනා ගෙන ඒම සුදුසුද යන්න සමාලෝචනය කළ යුතුයි. දැනටමත් පෞද්ගලික ව්‍යපාර වැසී යාමේ තර්ජනයකට මුහුණ පා තිබිය දී එය නැත්තටම නැතිවීමේ අවදානමක් මේ තුළ තිබෙනවා. මේවා අදාළ ව්‍යවසායකයින් සමඟ සාකච්ඡා කළ විසඳිය යුතු ගැටළු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

