ගෑස් තොගය අවසන් වීම නිසා නැවත දැනුම් දෙන තුරු ගෑස් සැපයීම නවතන බවත් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
ගෑස් සිලින්ඩර 16,000 ක් අද(03දා) දිනයේ නිකුත් කිරීමෙන් පසුව නැවත ගෑස් නෞකාවක් පැමිණි පසු බෙදාහැරීම් සිදුකරන බවත් බොහෝ විට ලබන අඟහරුවාදායින් පසුව ගෑස් බෙදාහැරිම සිදුකළ හැකි බවට විශ්වාස කරන බවත් එම සමාගම පවසයි.