ඉන්ධන පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත්, ඉන්ධන හිඟයක් හෝ සැපයුමේ බාධාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකරුණා මහතා පැවසීය.
එබැවින් ජනතාව අනවශ්‍ය ලෙස පෝළිම්වල රැඳී සිටිමින් තෙල් ගැසීමේ අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
කිවු ආර් කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වූ බවත්, සතියක් සඳහා එක් එක් පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටාව නිවේදනය කර ඇතැයිද කීය.කිවු ආර් කේතය හඳුන්වා දුන්නේ අනිසි තොග රැස්කිරීම් වැළැක්වීමට බවත් හෙතෙම සඳහන් කළේය.
,
පැරණි කිව් ආර් කේතය තිබෙන අයටත් අලුතින් කිවු ආර් කේතය පහසුවෙන් ලබා ගැනීමටත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.