පෝලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර අසර්බයිජානයේ පුද්ගලයින් අතරමංකල ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්රදේශයේ පදිංචි ගම්පහ ආයුර්වේද ඖෂධ සමාගමක කළමණකරන නිලධාරී තණතුරක් දරණ 34 හැවිරිදි නිලධාරීයෙක් බැව් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
මීගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පුද්ගලයින් අට දෙනෙකුට යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබාදෙන බැව් පවසා ලංකාවේදී රුපියල් හත්ලක්ෂ පනස් දහස බැගින් ලබාගෙන රුපියල් ලක්ෂ 15 ක් වටිනා ඩොලර් රැගෙන යන ලෙස පවසා වරින්වර අසර්බයිජාන් රටට රැගෙන ගොස් එරට නියෝජිතයා වෙත එම ඩොලර් භාරදීමෙන් පසු අතරමංකර පලාගොස් ඇති බවට අණාවරනය වූ බව පොලිසිය පවසයි .
මෙවැනි ආකාරයෙන් අසරණ භාවයට පත් පුද්ගලයින් සිටී නම් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට ජනතාවට විවෘත ආරාධනයක් කරන බවද පරීක්ෂණ සිදුකරන නිලධාරීයෙක් කීය.
සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය