පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි
පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා අද (22) B. O . P . 398 පුලස්තිගම ප්‍රදේශයෙන් හමු වී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.
මෙම රෝගියා වයස අවුරුදු 32ක නාවික හමුදා සෙබළෙකි. ඔහු වැලිසර නාවික හමුදා කඳවුර යටතේ පවතින කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක සේවය කර ඉකුත් 18 දින නිවාඩු ලබා නිවසට පැමිණෙන අවස්ථාවේ අඹේපුස්ස ප්‍රදේශයේ සිට ත්‍රිවිල් රථයකින් මදදුරක් පැමිණ තිබේ.
පසුව නිවසට පැමිණ දින කිපයකින් උණ රෝග ලක්ෂණ මතු විම නිසා පොළොන්නරුව පුලස්තිගම ප්‍රාථමික රෝහලට ඇතුලත් කර තිබේ.
ඉන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු පරික්ෂණ පැවැත්විමෙන් පසු කොවිඩ් 19 රෝගය වැළැදුණු රෝගීයෙකු බව තහවුරු වි තිබේ.
මෙම රෝගියා වැලිකන්ද කොරෝනා රෝගීන් සදහා වෙන් වු රෝහල වෙත රැගෙන යැමට නියමිත බව පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවැසීය .

popular news
-
dila Wednesday, 22 April 2020 06:37 PM
සිරා වටම
Reply : 0 0
BDS විජේවර්ධන Thursday, 23 April 2020 05:08 AM
ඔය පුලතිසිපුර තවත් එක් ෙකාවිඩ් ෙරා්ගිෙයක් ඉන්නවා.
Reply : 0 0
Wijebandara Thursday, 23 April 2020 06:48 AM
Very good.wish you all බෙස්ට්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

