අනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී නියමිත බරින් අඩු යුරියා පොහොර මිටි 14ක් වාර්තා වී ඇති බවට පාරිභෝගිත ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙක් විසින් සිදු කරන ලද වැටලීමක් සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඒ අනුව විෂය බාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වහාම ඒ සම්බන්ධව විමර්ශන කණ්ඩායමක් යවා විමර්ශන අරඹන්නැයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.
ඒ අනුව පත් කළ විමර්ශන කණ්ඩායම විසින් පෙරේදා (18) දිනය තුළම විමර්ශන ආරම්භ කළ අතර ඊට අදාල වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධව ඊයේ (19) මාධ්‍යයට කරුණු හෙළිදරව් කළේය.
පොහොර මළුවලට කිලෝග්‍රෑම් 50කින් යුතු බරකින් පොහොර ඇසිරීම සිදු කරන්නේ වරායේ දී පොහොර නැවට ගොඩ බාන අවස්ථාවේ දීය. එම කටයුතු මුළුමනින්ම සිදු වන්නේ යන්ත්රාණුසාරයෙනි. මෙසේ අසුරණ මළුවල නියමිත බරට ඇත්ද යන්න (Discharging Port Surveyor) සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති Global Inspection – Lanka PVT limited ආයතනය විසින්ය.
පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත යුරියා පොහොර මළු 500ක් පසුගිය 17 දින යවා ඇත. ඉන් 14ක් බර අඩු බවට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියා විසින් නීතිමය කටයුතු සඳහා රඳවා ගෙන ඇති නිසා ඉතිරි පොහොර මළු 486 බර නැවත සම්මත සහතික ලද ඉළෙක්ට්‍රොනික බිම් තරාදියකින් කිරනු ලැබීය.
ඉන් පොහොර මළු 479ක තිබුනු පොහොර ප්‍රමාණය බර කිලෝ ග්‍රෑම් 50ට වඩා වැඩියෙන් තිබු අතර මිටි 07ක පමණක් කි. ගෑ. 49.900, කි. ග්රෑ. 49.950, කි. ග්‍රෑම්. 49.750, කි. ග්රෑ. 49.800, කි. ග්රෑ. 49.850, කි. ග්රෑ. 49.650, කි. ග්රෑ. 49.900 වශයෙන් වාර්තා විය. මෙම මිටි හතේ පොහොර අඩු වීමට හේතුව කොකු යෙදීමේ දී ඇති වන පළුදු නිසාය.
මෙම විමර්ශන කන්ඩායම විසින් පොහොර මළුවල බර පරීක්ෂා කිරීම සඳහා සහතික කළ ඉලෙක්ට්‍රොනික බිම් තරාදියක් යොදා ගනු ලැබීය.
වරායේ දී මලුවලට යුරියා පොහොර පිරවීමේ දී එක් මල්ලක අඩංගු විය යුතු සම්මත පොහොර ප්‍රමාණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය නියම කර ඇත. එය සම්මතයක් ලෙස කිලෝ ග්‍රෑම් 50 ග්‍රෑම් 160කි. ෙ
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියා විසින් බර කිරීම සඳහා යොදා ගෙන ඇති තරාදිය සම්බන්ධව ද විමර්ශන කණ්ඩායමේ අවධානය යොමු විය. එහිදී විමර්ශන කණ්ඩායම විසින් හෙළි කර ගත් කරුණු අනුව මෙම නිලධාරියා බර කිරීම සඳහා යොදාගෙන ඇත්තේ අසළ නිවසකින් ඉල්ලා ගත් තරාදියකි.
එම තරාදිය ඩයල් ක්‍රමයට අයත් එල්ලෙන දුණු තරාදියකි. එය මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව මගින් සහතික නොකළ තරාදියක් වන අතර එවැනි තරාදි සත්‍යාපනය කළ නොහැකි වර්ගයේ තරාදියක් වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිණුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් පවසා තිබේ.
මෙහිදී හෙළිදරව් වූ වැදගත් ම කාරණයක් වන්නේ සහතික කළ ඉළෙක්ට්‍රොනික තරාදියෙන් බර කිරීමෙන් පසු නියමිත බරින් යුත් බව තහවුරු වූ පොහොර මළු සියල්ලම නැවත දුණු තරායෙන් කිරා බැලු පසු ඒවායේ බර කිලෝග්‍රෑම් එකහමාරකින් පමණ අඩු බවට පෙන්නුම් කිරීමයි. එමගින් එම තරාදියේ දෝෂ සහිත බව තහවුරු වූ බව මෙම විමර්ශනය සම්බන්ධව අදහස් පළ කරමින් විමර්ශන කණ්ඩායම පැවසූහ.
මේ පිළිබඳව අදහස් පළ කළ කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මත මිල දී ගත් මෙම පොහොර සම්බන්ධව අසත්‍ය තොරතුරු සමාජගත කළ සියලු දෙනා සම්බන්ධව ගත හැකි සියලුම නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ යුරියා පොහොර සම්බන්ධව සිදු කළ අසත්‍ය ප්‍රචාරය රටටත්, රජයත් අපහසුතාවය පත් කිරීමට සිදු කළ කුමන්ත්රණයක ප්‍රතිපලයක් බවයි.
විශේෂයෙන් රාජ්‍ය සමාගමක් වන කොමර්ෂල් පොහොර සමාගමේ කීර්ති නාමයට සිදුකළ අපහාසය සම්බන්ධව නීතිමය පියවර ඉදිරියේ දී ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.