පොහොර තත්ත්ව පරික්ෂණ සඳහා පහසුකම් සහිත පරික්ෂණාගාර නෑ
පොහොර තත්ත්ව පරික්ෂණ කටයුතු සදහා ප්‍රමාණවත් පහසුකම් සහිත පරික්ෂණාගාර නොමැතිවිම් හේතුවෙන් වාර්තා ලබා ගැනිමේ ප්‍රමාදයක් පවතින බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්විමේ දි අනාවරණය විය.
එම කටයුතු කඩිනමින් සිදුකිරිමට අවශ්‍ය ක්‍රම වේදයක් දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා මෙහිදි ඉල්ලම් කළේය.
මේවනවිට වෙළදපොළේ අලෙවිය සදහා පවතින පොහොර සදහා ඇමෝනියම් සල්පේට් රසායන ද්‍රව්‍ය මිශ්‍රකර අලෙවි කරණ බවට වාර්තා වි ඇති බවත් ඒ පිළිබද අවධානය යොමුකරණ ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යු චන්ද්‍රලාල් මහතා මෙම රැස්විමේ දි සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කය තුල වි වගාව සදහා ප්‍රමාණවත් පොහොර සංචිතයක් ගොවිජන සංවර්ධන ඹධ්‍යස්ථාන සතුව පවතින බව මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටුව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

