පොහොට්ටු මන්ත්‍රීවරයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
යටිනුවර ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක් හෙරොයින් ග්‍රෑම් 2 ක් හා මිලිගෑම් 970 ක ප්‍රමාණයක් සන්තකයේ තිබි මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.
මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශයේ උපපොලිස් පරික්ෂක හර්ෂ මධුසංඛ මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ රාත්‍රී 11.30 ට පමණ රණවන පිහිටි ඔහුගේ හෝටලය පරික්ෂා කිරිමේදි මෙම හෙරොයින් ප්‍රමාණය මන්ත්‍රීවරයාගේ සන්තකයේ තිබි අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකාර මන්ත්‍රිවරයා මෙම හෙරොයින් යම් කිසි ප්‍රදේශ වලට බෙදා හරින්නේද යන වග හා මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම් .කල්දේරා මහතා ප්රමුඛ පේරාදෙණිය පොලිස් නිලධාරින් විසින් විමර්ශන සිදුකරනු ලබන බව පේරාදෙණිය පොලීසිය පවසයි.
මහනුවර - චමිල් රූපසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

