පොහොට්ටු මන්ත්‍රීගේ පුතා බීමත්ව ආරක්ෂක නිලධාරියෙකුට පහරදීලා
කැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත වී ඇත.
කැස්බෑව නගර සභාවේම පොහොට්ටුවේ පෙරමුණේ නාගරික මන්ත්‍රී වරයෙකුගේ පුතෙකු බව කියන සැකකරු එම නගර සභාවේම සෞඛ්‍ය කම්කරුවකු ලෙස සේවය කරන අයෙක් බව පොලීසිය කියයි
ඊයේ (17) රාත්‍රී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නගර සභාව වෙත පැමිණ තිබූ මෙම සැකකරු එහි සිටි ආරක්ෂක නිලධාරියාට ඉවක් බවක් නැතුව පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
එම අවස්ථාවේදී රක්ෂක ප්‍රධානියා ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු මැදිහත්ව ආරක්ෂක නිලධාරියා බේරා ගෙන තිබූ බව පොලිසිය කියයි.ආරක්ෂක නිලධාරියාගේ හිසට සහ පපුවට තැලුම් තුවාල සිදුවී ඇත.
පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර අධික ලෙස මත්පැන් පානය කර සිටීම ඊට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පහර කෑ ආරක්ෂක නිලධාරියා වැල්ලවාය පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකි
22 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
popular news
-
LGPJ Monday, 19 September 2022 12:49 AM
To be acquitted
Reply : 0 0
ලක්ෂ්මන් Monday, 19 September 2022 05:29 AM
අවුරුදු 22යි කසල අදින කම්කරුවෙක්,තාත්තා මංත්‍රී කෙනෙක් .මම හිතන්නේ මේ කොලුවා රාජකාරි කරනවා ඇති කියලා .මොකද මමත් එක් පළාත් පාලන ආයතනයක වැඩ කල නිසා දන්නවා මෝ කොලුවට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් .බීමත්කම යටතේ .මම හිතනවා තවමත් පරිවාස කාලයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් කියලා එහෙම නම් සේවයෙන් පහකිරීමට හැකිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

