පොහොට්ටුව හිතන දේ ජනපති රනිල් කරන්නේ නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු නොකරන බවට පොහොට්ටු 'බයියන්ට' සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (13දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි, මේ පොහොට්ටු නඩයත් සමග ජනාධිපතිතුමාට මේක කරන්න බෑ. ජනාධිපතිටත් ඒක තේරිලා තියෙන්නේ. මේක බොරු නම් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට අහන්න. ඊයේ මම දැක්කා එස්.එම්.චන්ද්‍රසේන ප්‍රකාශයක් කරනවා.
ලොකු ගොන්නු ඉද්දි පොඩි ගොන්නු දාගෙන කරත්තේ තල්ලු කරන්න යනවා කියලා. මේ ආර්ථික භාෂාව මේ අයට තේරෙන්නේ නෑ. ඔවුන්ට ඕනෑ රටට හෙන ගැහුවත් ඇමතිකම් විතරයි. ඒ වගේම කියලා තිබ්බා ජනාධිපති කරන්නේ එක්සත් ජාතින පක්ෂය හදන එක, අපි පොහොට්ටුවේ කියලා. මේක තමයි සිංහ නාද බලු කෙඳිරි.
දැන් එක්සත් ජාතික පක්ෂය සමීක්ෂණයක් කරලා තියෙනවා. අපි නම් පිළිගන්නේ නෑ. ඒ සමීක්ෂණය අනුව ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 4යිලු එන්නේ. මේ සමීක්ෂණයෙන් පස්සේ මේ අවුරුද්දේ තියනවා කිව්ව ජනාධිපතිවරණය නැති වෙලා තියෙනවා. ඒ නිසා පොහොට්ටුවේ බයියන්ට අපි කියන්න කැමතියි ඔයාලා හිතන් ඉන්න දේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ නෑ."
popular news
-
Deepal Nirosh Friday, 14 July 2023 09:25 AM
හරියට නිකං අළුත් සොයා ගැනීමකි වගේ, මේ කතාව රනිල් දන්නවා, මහින්දත් දන්නවා, සජිත් දන්නවා, පොහොට්ටුවත් දන්නවා, අපිත් දන්නවා. ඒ තියා මුළු ලෝකෙම දන්නවා, මෙන්න මෙයා දැන් නෙව දැනගෙන තියෙන්නෙ. කොහේද හිටියෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
