පොහොට්ටුවේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව රවටා ඒකාධිපති පාලනයක් බිහිකරන්න - අකිල
පවුල්වාදය කරපින්නාගත් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව මුලාකර ඒකාධිපති වහල් පාලනයක් බිහිකිරීම මිස රටට ප්රජාතන්ත්රවාදී පාලනයක් ලබා දීම නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අප සියලු දෙනාගේම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය සහතික කර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
පොදුජන පෙරමුණ වේදිකාවේ සිට පවුල්වාදයට ආවඩන සෑම දෙනාම ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ නියැලෙන එක්සත් ජාතික පාක්ෂිකයින්ට එරෙහිව ද්වේශයෙන් හා වෛරයෙන් ක්‍රියාකරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව යකඩ සපත්තුවෙන් පාගන හිට්ලර් යුගයේ පාලන ක්‍රමයක් බිහිකිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ වී තිබෙන බවත් සඳහන් කළේය.
අමාත්‍යවරයා එසේ සඳහන් කළේ, ජනාධිපතිවරණය හා රටේ අනාගත ගමන්මග සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ රැස්වීම් කිහිපයක දී අදහස් දක්වමිනි.
ඇතමුන් විසින් සිදුකරන විවිධ බාධා මැද වුවත් රට අද වනවිට විශාල සංවර්ධනයකට හිමිකම් කියන්නේ, දෙස් විදෙස් ණය ගෙවන අතර රාජ්‍ය සේවක වැටුප් 107% ක් වැඩිකරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස හා නාගරික සංවර්ධනය, මහා මාර්ග හා ප්‍රවාහන ආදී සෑම ක්ෂේත්රයකට ම අතිවිශාල මුදලක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව සිදුකරන ලද නිසා බව ද අමාත්‍යවරයා පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
nimal Friday, 25 October 2019 11:59 AM
රට කරගන්ඩ බැරුව වසර කීපයක් ගෙව්න තව පුරසාරම් දොඩවනවා . කියවන්ඩ කියවන්ඩ ටික දවසනේ . ඕවට රැවටෙන් නැහැ . කොන්ඩේ බැඳපු චීන්නු නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

