මේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පවත්වන ඡන්ද විමසීමේදි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති ලෙස පත්කර ඇති රනිල් වික්රමසිංහ මහතාට ලබාදිමට තිරණය කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම මහතාද ජනාධිපතිධුරය සඳහා තරග කරන බවට ප්රකාශ කර තිබේ.